රන්වන් රන් කෙඳිranwan ran kendi

Ran Wan Ran Kendi

සංගීතය:
C T ප්‍රනාන්දුc t pranaandhu
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

රන්වන් රන් කෙඳි පීරාලා - චන්දන කල්කෙන් නෑවිලා
කිංකිණි නූපුර නාද දී - මල් මල් මූණක් සේ ඇදී
උකුළ සලාලා - බඳ නලවාලා - රගන්න සියුමැලියේ

හද වීණාව ගී නාද දෙයි - නයනානන්ද රූපේ අගෙයි
ප්‍රිය නාරි ලතා - කිම නැත්තෙ කතා
රණ හංසි වගේ නිල් දියේ - රමණියයි ඔබෙ නෙත් ප්‍රියේ

නෙතගේ බැල්ම නිලුපුල් වගෙයි - මුතු සේ දන්ත කල්‍යාණ වෙයි
සුර ලෝකෙන් ගෙනා - සළු සුළගේ වනා
රණ මයුරී ලෙසේ මල් ලොවේ - රඟපානු සිනා පා මුවේ