රන් වන් කෙතran wan ketha

Ran Wan Ketha

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
ඩෝල්ටන් අල්විස්dooltan alwis

ගී පද

රන් වන් කෙත නෙළන ලියේ..
රන් ගෝමර පැළදි ළියේ...

රනේ රුවට රන් - ගොයම ලෙළෙන්නේ
පිනේ මහිම රන් - උවන දිළෙන්නේ
ඉණේ සේල රන් - චාමර වැන්නේ
අනේ ළදුනි ඇයි පිටුපා යන්නේ

චන්දන මල් නිල් වරළේ ගවසා - බැන්ද මහිම ඔබට නේද
බැන්ද මහිම ඔබට නේද
අංජන දුන් රන් තිලකේ - ඇන්ද මහිම ඔබට නේද
ඇන්ද මහිම ඔබට නේද

මලේ මුකුළු බල - බඹරිදු දන්නේ
සදේ මුකුළු පෙති - කුමුදු  දකින්නේ
වතේ කැල්ම මා - නෙතු බැඳ ගන්නේ
සිතේ ඇල්ම නෙත - ඔබ හැර යන්නේ