ගී පද
රන් තරු පායන අහස බලාගෙන - ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන - වෙනකෙකු නොවැ අද එන්නේ
මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන - කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා - අතමයි වරද තියෙන්නේ
කුඩා රුවල මැද තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලු ඈ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මටනම් නැහැ වැටහෙන්නේ
රන් තරු පායන.../
පලා දෙපලුකර හදවත දේ නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුල හැමවේලේ...
රන් තරු පායන...//