ගී පද
(රන් සිකි පිල් විදහ ඔකඳ සඳයි නටන්නේ
සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ)...//
(කොහා ඇවිත් සඳ මුඳුනේ - සිනිඳු සේල අදී සිතේදෝ)...//
වැටී මල් පොකුරු ළැම පිට - පෙති ගෝමර තැලෙයි සිතේදෝ
නාද නොකර සැක බිය හැර - සඳකත් මිණි විලට වරෙන්
සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ
(රන් සිකි පිල් විදහ ඔකඳ සඳයි නටන්නේ
සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ)...//
ඇලී වෙලී පවන් හමා - වත්සුණු පිස ගනී සිතේදෝ
ඔයෙන් පිපෙන නාමල් කැන් - විළවුන් සිඹගනී සිතේදෝ
නාද නොකර සැක බිය හැර - සඳකත් මිණි විලට වරෙන්
සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ
(රන් සිකි පිල් විදහ ඔකඳ සඳයි නටන්නේ
සඳකත් මිණි විලට වරෙන් මොණර කිකිළියේ)...//