ගී පද
රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැණි බොන්නට ඇවිදින්
(කොහොමද සමනලයාට ඉතින් අපි ඇත්ත කියා දෙන්නේ)
ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඇය ලගටම ඇවිදින්
(කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ)
මොනරෙක් නැති වුන සිකිපිල් සොයමින් ඇයගේ වරල සිඹී
(ඒ මොනරා හට තතු පාදන්නේ මොන විදිහටද අපි)
නා ගස නා දළු නරඹයි ඇයගේ තොල් පෙති වලට එබී
(අනේ අහිංසක නා ගස ඇය හට රැවටී තියෙන හැටි)
විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි
(දෑතින් සිය ලය මඩල වසාගෙන විලියෙන් ඇය ඇඹරෙයි)
කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි
(මානෙල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිවුරයි)
රන් සමනළයෙක් .../