රන් රුවන්ran ruwan

Ran Ruwan

ගී පද

රන් රුවන් නිදන මේ පොළෝතලේ
හිරු සඳු බැබලෙනවා 
නව සිතුම් පැතුම් දළු දමා පුබුදුවා 
දෙදහස එළඹෙනවා//

නොමිනිස් දෑතේ කඩු තුඩඟේ 
සාමයේ මල් පුබුදා 
දැය තුල කොටු බැමි බිඳ හිඳ ඒවා 
දෙදහස මදහස පා//

රන් රුවන්...

සාගිනි සෝගිනි නිවී ජනහද සැනසේවා 
දෙදහස සරුවේවා 
නෙතු ඇස දිගු ඇස දිව ඇස මෙලෙසින් දිලිසී 
දෙදහස සරුවේවා

රන් රුවන්...