රන් මිණි සරුවran mini saruwa

Ran Mini Saruwa

ගී පද

රන් මිණි සරුව පිත්තල අබරණ ඇඟට
දැම්මම නුඹ පෙනෙයි රජකුමරියක ලෙස
නුඹ රැඟුවත් නලඟන සේ
මා දුටුවත් සුරඟන සේ
වෙන්නේ කොහොම රැජිණක් නුඹ
ඇන්දට රජ කුමාරියට //

වැටූ දිගැස් සර ඇස් බැන්දුම් සේනා
රටේ පතල අත් පොලසන් හඬ බෝමා
දිනූ ඔටුනු බර ගරු සරු අභිමානා
එපා මෙමට දෙනු හිමිටම පෙම් පානා //

රන් මිණි...

මනා උකුල ලැම හස දෙනු දරුවන්ටා
පතා ගෙනා හිමි අත මතු නාරින්ටා
සිනා මට දුන්නු ආපහු ගෙනයන්ටා
කිසිදා බැරිය මට නම් වැදි රජු වෙන්ටා //