රන් කුරහන් මලran kurahan mala

Ran Kurahan Mala

ගී පද

නානානේනා නනෙ නානා //
නාතම්දෙනා තම්දේ නානා //

රන් කුරහන් මල සේමා
සුපිපුණු ඔබේ වත බෝමා
(දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමි නුඹේ අත ඕනා //)
මල් මසුරන් ගී ඇසෙනා
ගම්මානේ මා මන බඳිනා

නානානේනා නනෙ නානා //
නාතම්දෙනා තම්දේ නානා //

සෘංගාරේ උතුරන බෝමා
නෙරිය අඟින් ඉඟ පෙන්නා
(පාන සිනාවෙන් පේනා
නිල්මිණි කැලුමන් සේමා //)
හිරිමල් හිත හිරිවැටුණා
කුළුදුල් සිත කිතිකැවුණා

නානානේනා නනෙ නානා //
නාතම්දෙනා තම්දේ නානා //

නානානේනා නනෙ නානා //
නාතම්දෙනා තම්දේ නානා //