රන් හුයෙන් බැඳුන දවසේran huyen baenduna dhawasee

Ran Huyen Baduna

ගී පද

රන් හුයෙන් බැඳුන දවසේ
මල් සුවඳ පිරුණු යහනේ
ඉහ දියට ගැලූ කදුලැල්
පිස දැමූ දෑත මාගේ
නුඹ මගේ ප් ‍රේම කුමරී
විය මගේ නිළ මනාලී
පිසගන්න දෑස නොතැවී
සීතාව නොවූ දේවී

ජීවිතය විඳිනු රිසිනා
එක්වුනේ කිමද පෙමිනා
ජීවිතය දකින කෝමා
විඳවනුය මිසක මෙලෙසා
බඹසරය නොවෙයි ඕනෑ
ජීවිතය දෙන්න දේවී
දෑවැද්ද නොවෙයි ඕනෑ
ජීවිතය දෙන්න දේවී 

රන් රසය ලෙසේ පෑහී
රන් හුයෙන් රැඳී සැනහී
වෙන්වීම නියත මෙලොවේ
වෙන්නොවී ඉඳිනු කෙලෙසා
කුලහීන වුණත් කුමරී
විය මගේ කුල කුමාරී
දැන් තැවී කුමට අඬලා
සීතාව නොවූ දේවී

සැඩ පරුෂ වදන් බෝමා
කවි හිතද මගේ පෑරේ
රොස් පරුස් බැනුම් බෝමා
වස්කුලල් නගරෙ ඇහැරේ
නොකැරෙනා දීගෙ ගෙපැලේ
සෙවනැල්ල වුණත් ඇදලූ
නැත මගේ දෑත සරුවී
කවියෙකුට කොහෙද කාසි

රන් හුයෙන් ....