රන් හිරු මඩලින් සෙනෙහස අයදිනවාran hiru madalin senehasa ayadhinawaa

Ran Hiru Madalin

ගී පද

රන් හිරු මඩලින් සෙනෙහස අයදිනවා
පුන් සද පහනෙන් උනුසුම අයදිනවා
ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා
ගිරි හිස ඉදුවර සොයමින් ලතවෙනවා..//

සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා..//
දිලිසෙන දිය රැලි මාලා නෙත පුරවා නෙක මායා
මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා

රන් හිරු මඩළින්....

ගමනේ මංපෙත දවසක නිමවෙන්වා
ලද දේ කල කී දේ හිත හඩවනවා...//
නිවැරදි හැම සගවාලා වරදට මල්දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා

රන් හිරු මඩලින්....