රන් ඇට පොට රිදී හවඩිran aeta pota ridhii hawadi

Ran Ata Pota Ridi Hawadi

ගී පද

රන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ
මල් වැල් ඉහිරුණු චීත්ත කොහෙන් ගෙනෙන්නේ
රෑන් රෑන් දිගට හවරි කොහෙන් ලබන්නේ
ආදරයක් පොදි බැඳගෙන මොටද උපන්නේ

ඈත එපිට ලන්දේ ඉඳන් මුකුළු කරනවා
ඇගේ රුවට දෙවට දිගේ කැකුළු පිපෙනවා
මා තනිවම ඈ තකිවම දෙතැන තැවෙනවා
ඇගේ මුවහස රැලි බලන්න යන්න හිතෙනවා

නියර දිගේ නිතඹ සැලෙන රුවක් පෙනෙනවා
ගොයම් කරල් ලැජ්ජාවෙන් බිමට හැරෙනවා
දියට ගොසින් දිය නාගෙන මදෙස බලනවා
ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා

ඕවිට ළඟ කෙකටිය මල් පියර හලනවා
ඇගේ පැලට සමීරයෙන් සුවඳ ගෙනෙනවා
තනිකඩ ජීවිතය මගේ සිහින මවනවා
අත්වැල් නැති ආදරයක් මට හිමිවෙනවා

රන් ඇට පොට ....//