රම්පෙටrampeta

Rampeta

සංගීතය:
අසිරා ප්‍රනාන්දුasiraa pranaandhu
පද රචනය:
අන්සාෆ් අමීර්ansaaf amiir

ගී පද

පේදුරව කොනේ ඉන්නෙ මචං දාලා සපත්තු
තිරිකුනාමලේ නිලාවැලියෙ දාමු සෙරෙප්පු
සීගිරිය ගලේ නගින හෙලේ පේන තරප්පු
සුදු නෝනා කැලේ නාවෙ මොකෝ තාම පරක්කු

රම්පෙට රපට රසට කැකිරි පලන ගාලු මනාලි
කඳු සැපට අපිට පාන කොමල උඩරට මාලී
ඉඟ හැඩට වැඩට ආවට මල් රුහුණු කුමාරි
සිරිලකට සිරිය ගේන නුවර සිරි රන්දෝලි

යාල් පානමෙන් කොලඹට එනවලු ලීලා
රේල් පාරෙ ඉඳගෙන තල් රහටම බීලා
බඩු මේල් කෝච්චිය රෑ එලි වෙනකොට දීලා
අනෙ නෝක්කාඩු මොකටද ඉමු ජොලියක් දාලා

රම්පෙට රපට රසට කැකිරි පලන ගාලු මනාලි....

බුරියානි කන්න ආස නැද්ද දෙන්නද ආලේ
කිරිබත් කවන්න ආදරෙන්ම ගේ මැද සාලේ
මට තෝසෙ කන්න සාම්බාරු හොද්ද දවාලේ
මිදි කේක් තමයි අතුරුපසට ආසද රාලේ

රම්පෙට රපට රසට කැකිරි පලන ගාලු මනාලි...

පේදුරව කොනේ ඉන්නෙ මචං...

රම්පෙට රපට රසට කැකිරි පලන ගාලු මනාලි...//