ගී පද
රජෙකුට වගේ බයයි අපි
මුහුණ බලන්න පොඩි කාලේ
තාත්තා රජෙක් තමයි අපි
දුකින් තැබුවේ නෑ කිසි කාලේ//
ඔබේ චායාවක් ඇති තනියට ළඟ ඉන්න
ලොව මායාවන් හැක ඔබගෙන් සිඳලන්න//
දරු සෙනෙහස ඔබ පිදු කෙලෙස අප ගයන්නේ
ජීවිත පුරා ගැයුවත් නැත නිමවන්නේ
ඔබ වගේ පියවරු කොහොම පහළවෙන්නේ
ඒ පුදුමය විතරයි අපට ඉතිරි වන්නේ
රජෙකුට වගේ//
සැරබර අසමින් නුඹේ පොඩිකාලේ අපි හැඬුවා
කිසිවෙකු හට අප හඬවන මග ඔබ වැසුවා
සුරතල් බස් නෑ නිහඬව අප දෙස බැලුවා
අසරණ දා ඔබේ ආදරයේ සිරි දුටුවා
දරු සෙනෙහස...
රජෙකුට වගේ////