රජෙකු වුණත්rajeku wunath

Rajeku Unath

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
මහින්ද චන්ද්‍රසේකරmahindha chandhraseekara

ගී පද

රජෙකු වුණත් ගිලන් වෙලා
රජෙකු වුණත් ගිලන් වෙලා
එක්තැන් වුණ දා
කියනවාට සැකයක් නෑ 
සැකයක් නෑ
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා 
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා.....

ඉසුරු සමඟ හාද වෙලා 
ඉසුරු සමඟ හාද වෙලා
නොසතුට ආ දා
දැනෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා.....

බැරිවුණදා නෑදෑයන් බැරිවුණදා නෑදෑයන්
අතහැර ගිය දා හිතෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා.....