ගී පද
රාජ මාළිගේ පරවියා වගේ
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ
ඉපදුනාට පස්සේ තාම මං හඬලා නෑ
ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නේ නෑ...//
මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි
උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි
මේ සුරතල් සත්තු මාගේ මට රන්මුතු මැණික් වාගේ
උන්ගේ බරට රන් දුන්නත් මම විකුණන් නෑ...//
රාජ මාළිගේ පරවියා වගේ.../
මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකේ වටේ
මම ගියොත් යන්නේ කවදා හරි බුරුවෙකු පිටේ
ඉතිහාසෙට නම තියාලා ලංකාවට කොඩි දමාලා
එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නේ නෑ
රාජ මාළිගේ පරවියා වගේ.../