ගී පද
රහසක් කියයි ඈ නිමල සිතින් මට
දෙනුවන් කියයි ඒ රහසේ සැබෑ වග
එනමුදු මුවින් ඈ නොකියයි වදන් ලෙස
හැගුමින් පිරී යයි දහසින් මගේ සිත
රහසක් කියයි ඈ නිමල සිතින් මට...
අවිහින්සකයි ඇගේ පිරිපුන් සිනා පොද
සතුටින් පිරී යයි සැමදා මගේ සිත
හිමිවෙයි ඇගේ පෙම නුදුරු දිනේ මට
පවතියි සදා කල් සිහිනේ මගේ හිත
රහසක් කියයි ඈ නිමල සිතින් මට...
සන්සුන් බවින් පිරි ඇගෙ ජීවිතේ වත
සිතට සිතී මගෙ අචලයි ඇගේ පෙම
හිමිවෙයි ඇගේ පෙම නුදුරු දිනේ මට
පවතියි සදා කල් සිහිනේ මගේ හිත
රහසක් කියයි ඈ.../