රහසක්rahasak

Rahasak

සංගීතය:
හෂාන් තිළිණhashaan thilina
පද රචනය:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

ගී පද

දිලිසී දිලීසී - හඳ සේ සිනාසී
ඇසිපිය මගේ නවත්තනා සුරූපී
දෙව්දූ විලාසී - ඔය බැල්මට වශී
හදවත පුරාම මේ නුරා මල් පිපී

රතු පැහැ තැවරූ දෙතොලේ
ඔපයට හුරු මුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ
නෙතු බැමි නටවන තාලේ
දුටු දුටු විට මා සසැලේ
යටපත් කරන්න බැරි හැඟුමේ

(රහසක් තියේ සුන්දර - හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර)..//

ලස්සන - හින්දද දැක්කම
මට අහංකාරකම් පාන්නෙ ඉතින් ඔච්චර
තිස්සෙම - මැවි මැවි දිස්වෙන
නුඹ පතා ඉන්නෙ ආදරේට තමයි මෙච්චර

රතු පැහැ තැවරූ දෙතොලේ....

Rap
දුටුවම නිලංකාර වුණ ඇස්දෙක
අලංකාර ඔය රුව දැක
දැකත් ඉන්නෙ තව කොහොමද
ගණංකාර කම් පෑවට

කෙල්ල මට උඹ කැපෙන නල්ල
වෙනවද මගෙ ළඟ ඔය හිත මෙල්ල
මොකටද තව බොරු ඉවසිල්ල
බඳිමුද අද හෙට ගෙළවට තැල්ල

ගස්සන - ඉඟසුඟ පද්දන
ඔය දාංගලේ ඉලන්දාරි හිත් අවුස්සන
වස්සන - සිතුවිලි වැස්සෙම
තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන

රතු පැහැ තැවරූ දෙතොලේ....

(රහසක් තියේ සුන්දර - හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර)..//