රැගෙන යන්න මේ සුභ පැතුම් මට සමාවී ඔයාraegena yanna mee subha paethum mata samaawii oyaa

Ragena Yanna Me Suba Pathum

ගී පද

රැගෙන යන්න මේ සුභ පැතුම් මට සමාවී ඔයා...
දෛවයත් නපුරු වීලා අපි අපෙන් වෙන් කළා...
කඳුළු දුන්නු මතකයන් හිර කරන් පපුතුරෙ...
තනිවේලා මියැදුනත් වෙන කෙනෙක් නෑ මගේ හිතේ...

ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා...
අහිමි වු ඔයා යළි හිමි වෙන්න කියා...
ඇස් පියවෙන්න මාගේ මොහොතක් හෝ තියා...
දැකගන්න ලැබුනොත් ඇති මට ඔයා....

ජීවිතේ හෙට දිනේ මගෙ නොඋනත් ඔයා..
ඇත්තමයි මටත් දැන් මං පවා නැති වෙලා..
තරහ වී යාලුවී දින ගෙවු ආදරේ ..
හිමි නැතත් මට වටී ඇස් පියවන තුරා...

පූජාසනේ ඔබ තියා පිදු ආදරේ...
ආගමක් වගේ ඒ තරම් උතුම්වේ...
එහෙවු වූ ආදරේ වටිනාකමක් නොතියා...
මේ වගෙ අවසානයක් පැතුවේ නෑ සදා...