රඟහල දැන් ඇත අඩ අඳුරේrangahala dhaen aetha ada anduree

Ragahala Dan Atha Ada

ගී පද

රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ...

දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ
මගේ හද ගැබ තුළ ඇතිවිය ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර සැපතක් නැත අන් සරණේ...

අවසන් වසරෙදි සරසවියේ
ඔබේ අත අරගෙන හන්තානේ
කඳු පාමුල මහවැලි හෙවනේ
හමුවූ කුමරිය ඔබද ලඳේ...

හැඩිදැඩි සිරුරට ආලය හිතුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මනමේ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනයි හිමගිරි අරණා...

රඟහල දැන් ඇත අඩ අඳුරේ...