රැඩිකල් පත්තිනීraedikal paththinii

Radical Paththini

සංගීතය:
තරිඳු දම්සරtharindu dhamsara
පද රචනය:
තරිඳු දම්සරtharindu dhamsara

ගී පද

ජීවිතේ හොඳම කාර්තුවේ 
මං ඉන්නෙ දැන් දිගම තප්පරේ 
මල්ළියකම් කර ඔපදැමූ ආදරේ 
ඔබමයි හැඩිකලේ 
රැඩිකල් පත්තිනී 

ගොලු මුහුදේ මළබැදි රසයෙන් 
නැව්බද දිරුවේ නුඹගේ ජපයෙන් 
වාලුක කතරේ රලු බිම් පත්ලේ 
දිය හැංගූයේ නුඹගේ බලයෙන් 
හදවත ගලවලා ගින්නෙහි අවුලලා 
එය දැක හිනහුනා රැඩිකල් පත්තිනී 

අටවක අහසේ සඳ වහගන්නට 
මේ කුලු එව්වේ නුඹගේ හුස්මෙන් 
හදවත කලුවී කඩතොලු වෙන්නට 
මට දුම් එව්වේ නුඹගේ දෙතොලින්
පේවී උන්නු ප්‍රේමේ ලේ ධාතුවේ 
වස කවලම් කලේ රැඩිකල් පත්තිනී 

මල්ළියකම් කර ඔපදැමූ ආදරේ 
ඔබමයි හැඩිකලේ 
රැඩිකල් පත්තිනී