රෑ අහසේ තරු ගානටrae ahasee tharu gaanata

Raa Ahase Tharu Gaanata

ගී පද

රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගේ ආදරෙ මදි උනාද

ඉඟ නෙරියේ රැළි හදාපු
සවන් පතට තෝඩු දාපු
ඔය දෙතොළට හාදු දීපු
මගෙ ආදරෙ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම් පුරාපු
මගෙ ආදරෙ මදි උනාද //

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරෙ නැති වුනාම මං ජීවත් වී හිඳීද //

නුඹෙ උකුලේ හිස තියාන.............//