ගී පද
රෑ තුන්යමේ නෙත නිදි නොලබා
සිහිවෙයි ආ ගිය කතා
මවෙත ගෙනා සුව සහනේ
කෝ අද කොයිදෝ නගේ.....
රෑ තුන්යමේ නෙත නිදි නොලබා
සිහිවෙයි ආ ගිය කතා......
මා හඬනා කල මට ලංවෙලා
ඒ දුක දුරස් කලේ
මා ඇකයේ ඔබ හිස සතපා
ඔබ මට පෑ ඒ සෙනේ.....
රෑ තුන්යමේ නෙත නිදි නොලබා
සිහිවෙයි ආ ගිය කතා......
කෝ අද ඒ මුදු දෑසේ සිනා
මා වෙත සිහිනෙන් ගෙනා
ජීවිතයෙන් දුර කිම ඇදුනේ
දෑස මගේ රවටලා......
රෑ තුන්යමේ ....