රෑ තරු බබළනවාrae tharu babalanawaa

Ra Tharu Babalanawa

ගී පද

රෑ තරු බබළනවා
මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා
මල් වැහැලා වාගේ

රැව් පිළි රැව් දෙනවා//
ගීත නාද වාගේ...////
බිළිඳෙකු හිනැහෙනවා//
මුහුදක රැළි වාගේ//

සීත සුළං එනවා
උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා
පැණි බඹරුන් වාගේ

රැව් පිළි රැව්...

බිළි‍ඳෙකු හිනැහෙනවා
පොපියන කුසුම් වගේ
තුරුලට පෙරලෙනවා
හිම මත හිම වාගේ

රැව් පිළි රැව්...