ගී පද
රෑ... රෑ සිහිනේ මා මායවේ පෑ සේයාවී ඈ
ඈ මදහාස පා දැහැනේ බිඳී ආදරේ පෑ
(ඔය බඹසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ.....//)
සනසාවී මා හා හුස්මක් හෝ පාලා
දෙනුවන් වසාලා සතපාලා
සන්තාපේ මා හා අනුරාගේ පාලා
මුවගින් සිනා පා පිදුවා......
මා... මා දුටුවේ ඈ නෙලනා රුවේ
දසුනක් මැවේ ඒ ඒ රැයම මා
සිටියේ නුඹේ යහනේ ළඳේ
(ඔය බඹසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ.....//)
සනසාවී මා.....
(ඔය බඹසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ.....//)
සනසාවී මා.....//