රෑ පැල් රැකලාrae pael raekalaa

Ra Pal Rakala

ගී පද

රෑ පැල් රැකලා පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නලවා
එන මද පවන සුවයි

බොල් පිනි මත ලා හිරු රැස් වැටිලා
මැනික් ලෙසින් දිලිසේ
මට බහ දුන් දා විලියෙන් ඇඹරුන
මැනිකගෙ නෙත් විලසේ

මෙදා සැරේ කුරහන් කිරි වැදිලා
සුලගේ ලෙලදෙනවා
කුඹුකෙන් නාගෙන වරල විදා යන
මැනිකෙව සිහිවෙනවා

ගොවිතැන් සාරයි ඒකෙන් නැහැ නොවැ
අතමිට අඩුපාඩු
පලදන්නම් ගෙල මාල සවන් යුග
ලෙලවමි රන් තෝඩු

ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත්
එලියක් එයි නෑනේ
මේ කන්නයෙ බිම අස්වනු කැපුවම
මැනිකෙත් එනවාලූ

රෑ පැල් රැකලා පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නලවා
එන මද පවන සුවයි