රෑ දොළොස් පැයේrae dholos paeyee

Ra Dolos Paye

සංගීතය:
ඇන්තනි සුරේන්ද්‍රaenthani sureendhra
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

(රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්...//)
(කර ඔසවා බලා උන්නා...//)
හබකර ගිය ආලවන්ත මගෙම
මිහිරා වනයෙන් දැන් එතැයි කියා
හා....හේ...

දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත් සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කම් නැතුවට කම් නැතුවා
කරවට පදක්කම් නැතුවට හිත ඇතුවා 
පෙම්බර කුමාරයෝ 
රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්

කාසි පඬුරු කතරගමට ගැට ගහලා
බාර වුණා රූපෙට රූපේ පුදලා 
බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ

රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්...