රෑ අහසේ තනි වෙච්චrae ahasee thani wechcha

Ra Ahase Thani Wechcha

ගී පද

රෑ අහසේ තනි වෙච්ච තනි තරුව මන්
තනි කමට ගුලි වෙන්න ඔබ එනවා නම්
ඇස්‌ තද කරන් හිටියා ඇති නේද මන් 
සඳ සේම පායන්න මගේ රත්තරන්
සඳ සේම පායන්න මගේ රත්තරන්

හිත ඇතුලේ දග කෙරුවේ ඔය ඇස්‌ දෙකයි
හදවතට මට දැනුනේ ඔබේ උණුසුමයි 
මට මාව අමතක කෙරුවෙත් ඔබයි 
ඒ හින්දා තනි වෙන්න මට හරි බයයි 

රෑ අහසේ තනි වෙච්ච.../

මගේ නළල සිප ගත්ත ඔබ මුල් දිනේ 
ඒ මතකේ උණුසුමට හරි ආදරෙයි 
සසරේ පුරා බැඳුනු අපේ ජිවිතේ 
මතු ආත්මයෙන් අයිති මට විතරනේ...   

රෑ අහසේ තනි වෙච්ච.../