රෑ අහසේ සඳ නැඟිලාrae ahasee sanda naengilaa

Ra Ahase Sada Nagila

ගී පද

රෑ අහසේ සඳ නැඟිලා
ඔබ පහසේ මා හද බැඳිලා
සඳ සිසිලයි තරු එළියයි
දෙතොල හැඩයි උණුසුමට නටයි

කෝල පිණිපොදේ පෑයූ සඳවතේ 
නීල නෙත් යුගත් යාවේ
මාගේ ආදරේ වාගේ සාගරේ
ඊට මායිමක් නෑනේ //
රෑ අහසේ සඳ නැඟිලා
ඔබ පහසේ මා හද බැඳිලා

මී බිදු විසිරේ නිල්මිණි නෙතු සගලේ දැල්වේ 
සීතල කොපුලේ තාලෙට පිණි ඇතිරේ මල් සේ
වින්ද ආදරේ සේනා රන්දු ජීවිතේ මායා නුරා ගිනි තොල් දිලිසේ
සහන් සිසිලේ ඔබේ උකුලේ සිනා ඉතිරේ

රෑ අහසේ සඳ නැඟිලා
ඔබ පහසේ මා හද බැඳිලා

සෝ ගී විරලයි පෙම් වැල් මිමිණේ මහදේ
රන් පැහැ ලමැදයි එහි සුව ඉතිරේ සුවදේ
එන්න යන්න අද මා හා දිව්‍ය දෙව්දුවක් වීලා රිදී වලා අතරේ
පහන් එළියේ ඔබේ තුරුලේ නුරා විසිරේ

රෑ අහසේ ....