පුතුනි මගේ (අධිරජ ධර්මාශෝක)puthuni magee (adhhiraja dhharmaashooka)

Puthuni Mage (Adhiraja Dharmashoka)

සංගීතය:
චතුරංග ඩිසිල්වාchathuranga disilwaa
පද රචනය:
ප්‍රදීප් පෙරේරාpradhiip pereeraa

ගී පද

සඳ තෙරේ පා නගා සුහුඹුල් පා රිදුණාදෝ 
මද පවන් රැලි ගෙනා සුහුඹු නෙතේ ගැටුණාදෝ.....
හ්ම්.... හ්ම්..... හ්ම්....
තරු පොකුරේ තාපයෙන් බලා වැවී වලකමි 
සෝ සුසුමේ උණුසුමින් සිසිර සිසිල දවනෙමි
සෙවණැල්ලක් වෙන්නම් හැරදා නොම යන්නම්
පුතුනි මගේ ලොවම ඔබේ ළය පතුලේ
හෝ රකිමි සෙනේ.......

(ගිනිජාලා මැදින් ලොව දිනූ රන් පුතුන්
ඔබ දුටුවා නුවන් සෝ නිවුනි හදවතින් 
තුරු වියනින් මිදී පියඹයි මා පුතුන්
මම ඈතින් ඉඳන් ඔබ දැක සැනසෙන්නම්
තුෂර හර පබළු වෙනි රිදුණු දෙපා තවනෙමි
කටුක තෙපුල් විෂ දැනී සිඳුණු සිතුම් සනසමි
සෙවණැල්ලක් වෙන්නම් හැරදා නොම යන්නම්
පුතුනි මගේ ලොවම ඔබේ ළය පතුලේ
හෝ රකිමි සෙනේ)...//