පුතුනේ නිදනා මගෙ තුරුලේputhunee nidhanaa mage thurulee

Puthune Nidana Mage

ගී පද

පුතුනේ නිදනා මගෙ තුරුලේ
සෙනෙහේ කිරිකරනා රතු ලේ
උපනා වැඩෙනාලක් පොළොවේ
හමනා සුළග පවා අගනේ
නිල් වියනේ මල්බර වේ
උයනකි මේ සන්තෝස වේ 

යායට පෙනෙනා කෙත සරුවේ
දා බිදු මුතුවේ නුඹ නමිනේ
පූදින පියුමේ ළය පතුලේ
මා ගැන නොසිතේ පුතු ලඟනේ

මහ බෝ සෙවනේ සිලි සිලියේ
සිඹිනා මුණි සිරිපා පියුමේ
දළඳා හිමිගේ රැකවරණේ
බැබළේ රන්වැළි සෑ අහසේ
දෙව්ලොව මේ මවුබිම  මේ
රැකගන්නේ අම්මා වගේ