ගී පද
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවේ ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්...//
මුතු මාල පොටක් ගෙලේ බදින දා
සිත කොල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුනි ද මන්දා.....
පුර පෝය හදට.....
රන් තොරණ සැදී මඟ සරසණ දා
හඳ රබන් සුරල් හඬින් වැයෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැඳුනි ද මන්දා.....
පුර පෝය හදට....