ගී පද
(පුරා හඳ ආයේ නොනැගේදෝ
පායා ඉන්න මගේ අහසේ
හඬා වැටෙනා මගේ නෙත් හෙව්වා
කොහේ නුඹ ඉන්නේ මේ ලෝකේ......//)
තනිවුණු මගේ හිත තිස්සෙම හැඬුවා
වැලපෙන මතකය තනියට උන්නා
භවයේ හීන පුරා පණ සේ රැඳුණානේ........
පුරා හඳ ආයේ.......
පෙම් ගීත ලීවේ නුඹේ නමටයි මාගේ ළඳුනේ
කීවාට කම් නෑ හීන අතරේ මා උන්නේ
දෛවයේ උරුමය හිමි වීලා
ලෝකය අද මට එරෙහි වෙලා
නුඹේ නිල් නෙත් යුග අහිමි වුණේ වරදක් වෙලාවත්දෝ
මේ කඳුළු ගංගා මගේ දෝරේ ගලා යත්දෝ
නුඹ හිනැහීලා මා සිහිනයේ මැවේවි.........
පුරා හඳ ආයේ.......
තනිවුණු මගේ හිත.......
මතකයි ඈත කාලේ සීත ඉවුරේ තුරුළු වීලා
සොඳුරුයි නේද ළඳුනේ ළඟම ඉද්දී හාදු දීලා
කෝ අද කියු ඒ බොළඳ කතා හිස මත දිවුරපු
මොහොත පවා කඳුළක් තනියට ඉතිරි වුණේ
භවයේ පින් මදි වත්දෝ.......
මේ කඳුළු ගංගා මගේ දෝරේ ගලා යත්දෝ
නුඹ හිනැහීලා මා සිහිනයේ මැවේවි.........
පුරා හඳ ආයේ.......
තනිවුණු මගේ හිත.......