ගී පද
පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා
මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ සසැලි රැළි සරැළි නගා
ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා
ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
පින්න පිණි වැටී පුර හඳ බොඳ වෙලා ගියා
ඔබ සෞම් ය සඳ කියූ ප් රේමය කෝ කොහිද ගියා