ගී පද
පුරා දස මස් කුස දරා මා
පෙවූ ඇඟ ලේ කිරට හරවා
උතුම් දෙවියන් ඔබයි මා දුටු
මෑණියනි මාගේ...//
මාතු පාදං නමාමි////
ඔබේ හුස්මයි මගේ සිරුරේ
දිවිය වී මට සවිය දෙන්නේ
ඔබේ විස්කම් බලය මා හට
පියාණනි මාගේ...//
පීතු පාදං නමාමි////
මෑණියනි මගේ පියාණනි මගේ
සඳුත් දිනිඳුත් ඔබැම වෙති ලොව
වැතිර බැතියෙන් වඳිමි
පා මල් නමා හිස මාගේ...//
මාතු පාදං නමාමි
පීතු පාදං නමාමි////