පුන් සඳ වගේ (බේබි ඉන්න)pun sanda wagee (beebi inna)

Punsanda Wage (Baby Inna)

සංගීතය:
සුනෙත් කැලුම්suneth kaelum
පද රචනය:
අවන්ත ප්‍රනාන්දුawantha pranaandhu

ගී පද

පුන් සඳ වගේ තියෙන මුහුණ කළු වෙලා
ඉන්නේ මොකද ඔයා අප්සෙට් ගහලා
අනේ මේ යන්න ළඟින් මට තදවෙනවා
දකින දිකින කෙල්ලෝ දිහා හොරෙන් බලනවා.....

බේබි ඉන්න චුට්ටක් ඔයා තරහා ගන්නෙපා
කියන දෙයක් අහන්න අනේ ටිකක් නැවතිලා
බලන්නේ නෑ කෙල්ලෝ දිහා මම ඇස් ඇරලා
කෙල්ලෝ තමයි බලන්නේ ඇස් කොණින් හිනැහිලා........

දහයට ගනින්න බැරි විදිහට ඉඳලා 
බඳින්න කලින් මෙයා මාව රැවටුවා
ඇයි දැන් මොනවද අඩු ඉස්සරට වඩා
ඇඟටම එන්නේ නැතිව ඉන්නවද ඔයා.....

බේබි ඉන්න චුට්ටක්.......

අනංගයා වාගෙයි දැන් මේ මිනිහා
මැරෙනවා සත්තයි මම මුහුදට පැනලා
අනේ මැරෙන්නෙපා මගේ රන් කඳ 
පින් කඳනේ ඔයා මං ආදරේ ඔයාට විතරයිනේ සැමදා......

බේබි ඉන්න චුට්ටක්.......