පුන්සඳ පායලා ඇති රෑක - punsanda payala athi rekapunsanda paayalaa aethi raeka - punsanda payala athi reka

පුන්සඳ පායලා ඇති රෑක - punsanda payala athi reka

ගී පද

පුන්සඳ පායලා ඇති රෑක 
ගඟ ලඟ ඇති පොඩි අතු ගේක
නැති කරගන්නට දුක සෝක
හැමදාමත් කරනවා මේක

මල් ඔතනෝ මුං මල් ඔතනෝ
වටපිට බල බල මල් ඔතනෝ
මල් ඔතනෝ මුං මල් ඔතනෝ
ඇට නැති ඇහිඳලා මල් ඔතනෝ

සියරට සැමදේ සිරිසැප ගෙනදේ
ගහන අයයි ඒවා දෙන්නේ
මත් පැන් වගෙ නෑ වැඩි විය දන්නෑ
පොඩි ගානයි මේකට යන්නේ

ඉස්සර වගේ නෑ දැන් දුම් කොළ නෑ
සුදු කොලයක ඔතලයි බොන්නේ
බිව්වට වෙරි නෑ කලබලයක් නෑ
කට්ටිය පාඩුවෙමයි ඉන්නේ

මල් ඔතනෝ මුං මල් ඔතනෝ
වටපිට බල බල මල් ඔතනෝ
මල් ඔතනෝ මුං මල් ඔතනෝ
ඇට නැති ඇහිඳලා මල් ඔතනෝ

තණමල්විල හා ඇඹිලිපිටියෙ සිට 
ලොරි බස් යට සැඟවිලා ඉන්නේ
ඉන්පසු කොළඹින් හොරෙන් හොරෙන්මයි
මේවා රට වට විකිනෙන්නේ
බාධක මැඩගෙන ආවොත් දුර සිට
අහුු උනොතින් කෙලවිලා යන්නේ
කොපමන සුර සැප තිබුනත් මොකටද
නීතිය නෑ ආතල් දන්නේ