පුංචි කෙල්ලේ තවම රස්නෙයිpunchi kellee thawama rasneyi

Punchi Kelle Thawama

ගී පද

පුංචි කෙල්ලේ තවම රස්නෙයි පපුව ගිනි ගත්තා
ජාති ජාතිත් අපි අපේමයි ඔයත් පිලි ගත්තා
දෑත ගිලිහී ඈත යනවිට
නීති දාලා අල්ල ගන්නට
හුස්ම නවතී නුබ මතක් වී
හිතින් මං තවමත් ඔබේ ලග
වර්තමානේ වේදනාවෝ 
ආදරේ ප් ‍රතිපලයක් වේදෝ
පේනමානේ ඉන්න හැකිදෝ
නොලැබුනත් කිසිදා.......

හාර හාරා ඇසුවෙ නෑ මා ඔබව පාරා
එකට ඉදලා වෙන්ව යනදා බොහෝ රිදවා
නිහඩ වීලා බලා සිටියා මා ඔබ නිසා
අපෙ අතීතේ ගැන හුගක්නම් දුක් උනා මා
වර්තමානේ වේදනාවෝ 
ආදරේ ප් ‍රතිපලයක් වේදෝ
පේනමානේ ඉන්න හැකිදෝ
නොලැබුනත් කිසිදා........

කාට කාටත් ඇත්ත තේරෙයි කල් ගිහිල්ලා
කදුලු පිටවෙයි එවිට දෑසින් දුක හිතීලා
අත් මිදී ඒ ලොවෙන් මා සොයා ආවොතින්
සත්තමයි මං සමා දෙන්නම්........

පුංචි කෙල්ලේ තවම රස්නෙයි.......