පුංචි කතාවක්punchi kathaawak

Punchi Kathawak

සංගීතය:
සුරින් ඩිsurin di
පද රචනය:
මිහිර බණ්ඩාර දිසානායකmihira bandaara dhisaanaayaka

ගී පද

රුවන් පැහැති සඳ කිරණ වැටී 
සෙවණැලිත් නැති රූ හඬ කිසිත් නැති
රැයක් ගැන මා කියන්නට සිත් වු
පුංචි කතාවක් තවම රිදුම් දෙයි
සිතේ කොනක සිර වූ.....

ගගන කොන ඇති එක ඉසව්වක
වටපිට ද නොබලා විඩාබර වී 
නිවී දැල්වී බලා සිටියා
පුංචි තරු කැට අසන්නට 
රස කතාවක සිරි වෙන කිසිත් නොඅසා.....

රුවන් පැහැති.....

ගෙතුණු පදවැල් ලියන විට කව්
හද දුරින් මිදිලා හීන පිබිදී 
හිතේ ගුලි වී කතා ගෙතුණා
පුංචි සඳවත ඒ වුණත් නැත 
මටත් නොකියා වසන්තය ගෙවුණා.....

රුවන් පැහැති......