පුංචි කාලේ අපි සිංදු කියපු හැටිpunchi kaalee api sindhu kiyapu haeti

Punchi Kale Api Sindu

ගී පද

පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියේ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්ච පොරොන්දුව 
ඉරහඳ වගෙ මතකයි...//

ඉන්දුමතී නුඹේ ලස්සන හැඩරුව
මගේ හිතේ ඇදිලා //
රුවට රුවක් නැත නුඹ රුව වාගේ
මෙච්චර කල් දැකලා...//

නැන්දලා මාමලා කඳමළු අරගෙන 
එනවලු ලේලි බලන් //
ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉදපන්...//

රංචු පිටින් නුඹ කැන්දන් යන්නට 
ඒවි නොයා ඉඳපන්//
මංගල මොහොතට තැලිපිලි අරගෙන
ළගදිම මං එන්නම්...//