පුංචි දෝණි තරහා වෙලාpunchi dhooni tharahaa welaa

Punchi Doni Tharaha Wela

ගී පද

පුංචි දෝණි තරහා වෙලා 
පුංචි දෑසේ කඳුළු සලා
රනින් මාල ගේනවා කියා 
තාත්තා දුව රවටලා
පුංචි දෝණි තරහා වෙලා 
පුංචි දෑසේ කඳුළු සලා

ගල් ලෑලී ගල් කූරු නෑනේ
දූට ඉස්කෝලේ ගුටි කන්න වේදෝ
සුදු ගවුම ඉරිලා ගියාදෝ
යාළුවෝ ඈට ඔච්චම් කළාදෝ
ඉවසන්න මා පුංචි දෝණි
නුඹ හින්දානේ මා දුක් විඳින්නේ

පුංචි දෝණි....

ලොතරැයිය තව කවුද ගන්නේ
ලක්ෂයේ දිනුම මටනේ ලැබෙන්නේ
නුඹ මාලිගාවේ තබන්නේ
එය දැක ගන්න මට පින් ලැබේදෝ
ඉටුවේවිදෝ පැතුම මාගේ
සාප නොකරන්න තාත්තාට දූගේ

පුංචි දෝණි තරහා වෙලා 
පුංචි දෑසේ කඳුළු සලා
රනින් මාල ගේනවා කියා 
තාත්තා දුව රවටලා
(පුංචි දෝණි තරහා වෙලා 
පුංචි දෑසේ කඳුළු සලා...///)