පුන් සඳ පායාpun sanda paayaa

Pun Sanda Paya

ගී පද

පුන් සඳ පායා මොරටුව දිළෙන්නා - ප්‍රීිති ගීත දසත ඇසෙන්නා
මේ මොරටු කොල්ල ප්‍රීති ගීත ගයන්නා - ගයන්නා
ලංකාවම ඩාන්ස් කරන්නා

චූඩා මාණිකේ බලන්න ගියෙත් නෑනෙ මං
ලෝබ නැතිව පඬුරු දාලා ගියෙත් නෑනෙ මං
පොල් ගාලා කන්න දීපු - බත් උයාලා කන්න දීපු
ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන්

මල්සරාව වරද්දන්න ගියෙත් නෑනෙ මං
මාල ගිරව් අලලන්නට ගියෙත් නෑනෙ මං
කඳ සුරිඳුගෙ පස්සෙ දුවපු - ඝන අඳුරේ පෝරු කවපු
ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන්

නැන්ද උසයි මාමා කොටයි  කිව්වෙ නෑනෙ මං
මැණිකෙ අරන් හඳපානේ ගියෙත් නෑනෙ මං
ගම මහනුවරයි කියාපු - බිංදුමතීලට අඬාපු
ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන්

රත්තරන් හෙලේනලාව පෙන්නුවෙ නෑ මං
කිරි කවඩි සිනා කිසිම දාක පෑවෙ නෑනෙ මං
මම්ම පප්ප නෑ කියාපු - ආප්ප කන්න තුට්ටු අහපු
ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන්

කිසිම දාක හොල්මනකට බය වුණෙ නෑ මං
බබ ආච්චිගෙ බයිසිකලේ පැද්දෙත් නෑ මං
දිල්හානී දුවේ කියපු - මින්දද හීසර එවාපු
ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන්

මේ ඔක්කොම කියපු සින්දු අහන් හිටිය මං
ඒ අතරේ කෙල්ල දිහා හොරෙන් බැලුව මං