ප්‍රියාවීpriyaawii

Priyawee

සංගීතය:
ලහිරු ධනංජය ද කොස්තාlahiru dhhananjaya dha kosthaa
පද රචනය:
යසිරු විඳුල අල්විස්yasiru windula alwis

ගී පද

පාට කූරක පාට බොඳ වෙලා පිටු පුරා ලස්සන රුවක් මැවිලා
හැඟුම් පිරෙනා මුළු රැයක් පුරා ළංව දිදුලන දෑස් බැඳිලා
ඔබ ළඟින් හිඳිනා විටදී මා ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා
ඔබ තෙමු දෙකොපුල් වියැලීලා ඔබ නැගූ හසරැල් මතකයක් වීලා
ප්‍රියාවී ඔබ සිහිනයෙන් ළං වී සිපගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවි
ප්‍රියාවී ඔබ සිහිනයෙන් ළං වී අතගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවි.......

සෑබෑ නොම වන සිහිනයක් නිසා සිතක් නලවන සැනසුමක් නොදිලා
පැතුම් බිඳලන මතකයක් නිසා සිහින අතරේම ඔබේ රුව මැකිලා
ඔබ ළඟින් හිඳිනා විටදී මා ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා
ඔබ තෙමු දෙකොපුල් වියැලීලා ඔබ නැගූ හසරැල් මතකයක් වීලා
ප්‍රියාවී මම සිහිනයෙන් ළං වී සිපගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවි
ප්‍රියාවී මම සිහිනයෙන් ළං වී අතගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවි.......

පාට කූරක පාට බොඳ වෙලා පිටු පුරා ලස්සන රුවක් මැවිලා
ප්‍රියාවී මම සිහිනයෙන් ළං වී සිපගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවි
ප්‍රියාවී ඔබ සිහිනයෙන් ළං වී අතගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවි.......