ප්‍රේමේ මායා හෝරාවේpreemee maayaa hooraawee

Preme Maya Horawe

ගී පද

ප්‍රේමේ මායා හෝරාවේ 
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුනා 
ආදරේ යාවුනා
ප්‍රේමේ මායා හෝරාවේ 
දෑසින් ඈ කී ඒ රහසේ.....

මා කාගේ කවුරුන්ද ඈ නෑ විමසුවේ
ඈ කාගේ කවුරුන් උනත් ඉන් කම් නැතේ
ඈ එදා ඒ යාමයේ කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ
ප්‍රේමේ මායා හෝරාවේ 
දෑසින් ඈ කී ඒ රහසේ.....

මේ වාගේ ලංවූ කෙනෙත් නම් නෑ ලොවේ
නෑ මගේ මතකේ රැදිලා ජීවිතේ
ඈ එදා ඒ යාමයේ කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ.....

ප්‍රේමේ මායා හෝරාවේ....