ගී පද
ප්‍රේමයේ මන්ද හාසිනි යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ ..
තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
සඳත් වසන් වෙලා රැයක් මුදුන් කළා
පාවයයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනි .../
මාලතී වනේ රැදෙම්ද මල් යහන් තලා
මීවිතේ අමා පුරම්ද රත්ලවන් පෙරා
සුසම් පවන් ගලා හැගුම් දියත් කළා
පාවයයි සුන්දරයි ජීවිතේ ...
ප්‍රේමයේ මන්දහාසිනි ..../