ගී පද
ප්‍රේමයේ අස්වැන්න
නෙලා ගෙපැලට ගන්න අවසරයි
සෙනෙහසින් කීරි වැදී
රන්වනින් කරල් බරවූ දිනේ
දෙකන්නේ මුදු වදන් වපුරුවා
නියං ලිනි ඇවිලුනත් හිත නිවා
සොරොව්වෙන් ගලා එන දියවරක් සේ ඇදී
නුඹේ සිත මට යමක් කියනවා .....
රෑ පැලේ පැදුර තනිපංගලේ
සඳමඩල පෙම් පුරාණ සක්වලේ
අඩහැරෙන් ඒ පොලේ අවදි වී යෞවනේ
නුඹේ හිත මට නැකත් ගේනවා ...