ප්‍රේමයයි වෛරයයිpreemayayi wairayayi

Premayayi Wayirayayi

ගී පද

ප්‍රේමයයි වෛරයයි අතරේ 
වෙනස කෙස් ගහකට සමයි
බිඳුණුදා පූජාව ප්‍රේමය
ඔහුගෙ ආගම වෛරයයි

පහන් ටැඹ දල්වනු ලැබූයේ
පහන් ටැඹ හිමිකාරයා
එහෙත් ඒ එළියෙන් දිනන්නේ
සමුදුරේ නැව් කාරයා

අසනු කෙලෙසේ පහන් ටැඹකින්
එළිය කෙනෙකුට භාර වෙයි
එතැන් සිට කඳුළක්ව එන්නේ
උරුමයයි ඒ වෛරයයි