ප්‍රේමය ලොව හැම තැනම ඇතීpreemaya lowa haema thaenama aethii

Premaya Lowa Hemathenama Athi

ගී පද

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී..//

විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි

ප්‍රේමය ලොව හැම තැනම ඇතී.../

සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .

ප්‍රේමය ලොව හැම තැනම ඇතී...//