ප්‍රේමය ලොව හැම තැනම ඇතීpreemaya lowa haema thaenama aethii

Premaya Lowa

ගී පද

ප් ‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප් ‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....

සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප් ‍රේමය මුල් පස යට සැගවී
නන් පල මල් දළු පුබුදනමුත් ගස

මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප් ‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. ....

විල්තෙර දියයට දියඹුන් නගනා
ප් ‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප් ‍රේමය හැමදාමත් නිසලයි.....