ප්‍රේම තටාකේ මේකයි මැණිකේpreema thataakee meekayi maenikee

Prema Thatake

ගී පද

ප් ‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ

අබිමන් අබිමන් කියල යි මැණිකේ
මේ රැළි මේ වැව් ඉවුරෙ වදින්නේ

මගෙ පෙම් කෝකිලයෝ ඔබෙ ගීයේ
තාලෙට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනව දැකලයි
හංස පැටවු මේ හැටි දඟලන්නේ

චම්පා චම්පා කියල යි මැණිකේ
ඕලු මලේ අර පෙති නැටැවෙන්නේ
ඔබෙ ඉඟ මෙවුලේ මිණි කැට දැකල යි
මාළු පැටවු මේ දිවගෙන එන්නේ.....

හිමියෙනි ඔබගේ පුළුලු'රතලයෙහි
වැව් ඉවුරෙහි නැත වෙනස පෙනෙන්නේ...
මගෙ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරී තිබෙන්නේ...

අනාගතේ මෙහි පෙම් රස විඳිනා
හදවත් වලට යි රසය දැනෙන්නේ....
ඒක යි මැණිකේ මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ
ප් ‍රේම තටාකේ.........