ප්‍රේම තටාකේpreema thataakee

Prema Thatake

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
චන්ද්‍රරත්න මානවසිංහchandhrarathna maanawasinha

ගී පද

(ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ....//)
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැළි මේ වැව් ඉවුරෙ වදින්නේ
ප්‍රේම තටාකේ.....

මගෙ පෙම් කෝකිලයෝ ඔබෙ ගීයේ
තාලෙට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනව දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ.....

(චම්පා චම්පා කියලයි මැණිකේ 
ඕළු මලේ අර පෙති නැටවෙන්නේ...//)
ඔබෙ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාළු පැටව් මේ දිව ගෙන එන්නේ.....
ප්‍රේම තටාකේ.....

හිමියනි ඔබගේ පුළුල් උර තලයෙහි  
වැව් ඉවුරෙහි නැත වෙනස පෙනෙන්නේ 
මගේ පෙම් දහරයි සීතල ජලයයි
එක විදියට නොවැ පිරී තිබෙන්නේ.....

(අනාගතේ මෙහි පෙම් රස විඳිනා 
හදවත් වලටයි රසය දැනෙන්නේ...//)
ඒකයි මැණිකේ මේ වැව දකිනා 
කොයි මොහොතේත් මට සුවය දැනෙන්නේ 
ප්‍රේම තටාකේ.....